
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි මහජන බලමුලු ගැන්වීමක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකර ඇත.
ආණ්ඩුව සතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පැවතුණද, ජනතාවගේ ඒකාබද්ධ විරෝධය හමුවේ මෙම සංශෝධනය පරාජය කළ හැකි බව ඔහු අවධාරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාවන් වෙනස්කිරීම ඇතුළු අධිකරණ පද්ධතියේ පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් මෙම 22 වැනි සංශෝධනය හරහා යෝජනා වී ඇත.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
මෙම යෝජිත සංශෝධනය මඟින් රට තුළ අධිකරණ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලය බෙදීමේ මූලධර්මය දැඩි ලෙස අඩපණ වන බව පෙන්වා දී ඇති සජිත් ප්‍රේමදාස, ආණ්ඩුව ක්‍රමයෙන් රට එක් පක්ෂයක පාලනයක් කරා ගෙනයෑමට උත්සාහ කරන බවට ද බරපතල චෝදනා එල්ල කර තිබේ.
ආණ්ඩුවට ආසන 159ක බහුතරයක් තිබෙන්න පුළුවන්, නමුත් රටට අහිතකර මෙම සංශෝධනය ජනතාවගේ සැබෑ ශක්තියෙන් පරාජය කළ යුතු බව ඔහු සඳහන් කර ඇත.
මීට අමතරව, මැතිවරණ සමයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බව විපක්ෂ නායකවරයා දැඩි ලෙස විවේචනය කර තිබේ.
විදුලි බිල්පත් අඩු කරන බවට පැවසූවත් එය මෙතෙක් ඉටු වී නොමැති බවත්, ඉන්ධන මත පනවා ඇති අධික බදු බර නිසා ජනතාව අන්ත අසරණ වී ඇති බවත් ඔහු පෙන්වා දෙන ලදී.
තවද, ගොවි ජනතාව, ධීවරයන් මෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් ද වර්තමාන ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
22 වැනි සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය අඛණ්ඩව සටන් වදින බව ප්‍රකාශ කළ සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන සැප්තැම්බර් 24 වැනි දින කොළඹදී පැවැත්වෙන දැවැන්ත ජනතා විරෝධතාවට එකතු වන ලෙස සියලු දෙනාටම ආරාධනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart