
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිහින්තලේ රජමහා විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ සහ ධානපතියන්ගේ පරිත්‍යාගයෙන් ගෙවාදැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
පසුගියදා විපක්ෂ නායකවරයා මිහින්තලය රජමහා විහාරස්ථානයට පැමිණ නායක ස්වාමීන්වහන්සේ මුණගැසී අදාළ විදුලි බිල සහ ඉදිරි පෙරහැර කටයුතුවලට වැයවන විදුලි බිලද ගෙවීමට පොරොන්දුවක් ලබාදුන් බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එසේ සාකච්ඡා කොට දින දෙකක් යන්නට මත්තෙන් ආණ්ඩුව විසින් මෙසේ විදුලිය කප්පාදු කර ඇත්තේ, සිය චෞර මිතුරන්ගේ නිවාසවල වසර ගණන් එකතු වූ නොගෙවූ බිල්පත් තිබියදී, එම නිවාසවල විදුලිය විසන්ධි කිරීමට සිතුවිල්ලකින්වත් උත්සුක නොවන පසුබිමක සිට යැයිද විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
හිඟ විදුලි බිල් නොගෙවීම හේතුවෙන් පසුගියදා (02) මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කෙරිණි.
එහිදී, අනුරාධපුර ලංවිම ප්‍රාදේශීය ඉංජිනේරු ජේ.එම්.එෆ්. ජයවර්ධන පැවසුවේ, මිහින්තලා විහාරස්ථානයේ 2022 වසරේ සිට හිඟ විදුලි බිල වශයෙන් රුපියල් ලක්ෂ 41ක් ගෙවීමට ඉතිරිව ඇති බවයි.
ඒ අනුව, පෙර දැනුම්දීමකින් පසු අගෝස්තු 02වැනිදා රාත්‍රී 11.00 ට විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart