
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
මේ අවස්ථාවට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන්ද (Matthew Hinson) එක් විය.
එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදහස් හුවමාරු වී ඇතැයි විපක්ෂ නායක කාර්යාලය පවසයි.
වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජනපද තානාපතිවරිය ඇතුළු පිරිස දැනුවත් කරමින් පැහැදිලි කර තිබේ.
ඊට අමතරව වත්මන් ආ ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින්, නියමිත දිනට පැවැත්වීමට සැලසුම් කර තිබූ මැතිවරණ කල් දැමීමත්, ජනතාව මර්දනය කරමින් ගෙන ඒමට උත්සාහ කරන විවිධ පනත් සම්බන්ධයෙනුත් දැනුවත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart