February 14, 2026

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හදිසියේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණගැසී තිබේ.

එම හමුවට අදාළ සටහනක් සජිත් ප්‍රේමදාස සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ මේ ආකාරයෙනි.

‘කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට අද කටයුතු කළේය. එහි දී වත්මන් රජය විසින් ගරුතර මහා සංඝරත්නය සහ බුද්ධශාසනයට සිදු කරන හානිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු කරන ලදි. ඉන් අනතුරුව උන්වහන්සේගෙන් ආශිර්වාද සහ අනුශාසනා ලබා ගැනීමට ද කටයුතු කළේය.’

ආණ්ඩුවට එරෙහිව මහා සංඝරත්නය පෙළගස්වන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර දිනකට පසුව මෙම හමුව සිදුව තිබේ.