April 2, 2026

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උදය ගම්මන්පිලගේ පොත එළිදැක්වීමේ උත්සවයට නොගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

සජිත් ප්‍රේමදාස අදාළ උත්සවයට සහභාගී වීම සම්බන්ධයෙන් ජනමධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින් බණ්ඩාර මේ බව සඳහන් කළේය.

“එතුමාගෙන් තමයි අහන්න ඕනේ. මම හිතන්නේ එතුමා නෙමෙයි ගියේ. මට පේන්නේ AIවලින් එතුමාව දාලද කොහෙද? එතුමාට එතනට යන්න බෑ. මම විශ්වාස කරන්නේ නෑ එතුමා ගියා කියලා. වෙන්න බෑනේ. එතුමා කොහොමද එතනට යන්නේ…?” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.