
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදකලා සිදුවීමක් නොව ප්රජාතන්ත්රවාදී දේශපාලනයට එල්ල වූ බරපතළ අභියෝගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැති විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන්ගේ රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළේය.
කෙටි කාලීන සහ දිගු කාලීන උපායමාර්ග සඳහා සැලසුම් ප්‍රකාශයට පත්කරමින් සජිත් ප්‍රේමදාස මෙම අභියෝගයට මුහුණදීම සඳහා සියලු විරුද්ධ පක්ෂ ඒකරාශී වීමේ වැදගත්කම අවධාරණය කළේය.
ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහු පක්ෂ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් ද පත්කළේය.
ඊට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැස්ව සිටි පිරිස අමතමින් කියාසිටියේ, රනිල් වික්‍රමසිංහ නිදහස් කර ගැනීම සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම ප්‍රධාන ප්‍රමුඛතා දෙක බවයි.
දේශපාලන භේද පසෙකලා එක්ව කටයුතු කරන ලෙස ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
අගෝස්තු 27 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ යළි රැස්වීම සඳහා එළඹි එකඟතාවකට අනුව රැස්වීම අවසන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart