
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලුකිස්තාන කලාපයේ සන්නද්ධ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවල ප්‍රහාර ඉහළ යාම හේතුවෙන්, පාකිස්තානයේ විශාලතම තඹ සහ රන් පතල වන ‘සයින්දක්’ (Saindak) පතල ලබන මාසය වන විට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ බරපතළ අවදානමකට ලක්ව ඇති බව ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පත අනාවරණය කරයි.
ත්‍රස්ත තර්ජන හේතුවෙන් පතල වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන ප්‍රධාන ප්‍රවාහන මාර්ග සහ මහා මාර්ග ජාලය මේ වන විට අතිශය අනතුරුදායක කලාප බවට පත්ව ඇත.
මේ නිසා ද්‍රව්‍ය ප්‍රවාහනය මුළුමනින්ම ඇණහිට ඇති අතර, මෙහෙයුම් කටයුතු තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමට ගැටලු උග්‍ර වී ඇති බව පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කළ රහසිගත ලිපියක සඳහන් වේ.
මෙහෙයුම් කටයුතු 2001 වසරේ සිට චීන රජයට අයත් ‘මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා’ (MCC) සමාගම විසින් සිදුකරයි.
මෙම පතල 2037 වසර දක්වා චීනය වෙත බදු දී ඇත.
මෙහි නිපදවන බහුතරයක් ඛනිජ සම්පත් චීනය වෙත අපනයනය කෙරේ.
පසුගිය වසරේදී තඹ අපනයනයෙන් පමණක් පාකිස්තාන රජය ඇමරිකානු ඩොලර් මිලියන 750ක දැවැන්ත විදේශ විනිමය ආදායමක් උපයා තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart