
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් 22 වැනි සංශෝධනයට එරෙහි විරෝධතාවයට එක්නොවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි. අදාළ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ මෙම විරෝධතාවයට එක්නොවිය යුතු බවයි.
එම ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පසුව පොහොට්ටු පක්ෂය විරෝධතාවට සූදානම්ව සිටියද එම තීරණය නැවත සලකා බැලූ බව සාගර කාරියවසම් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ සමගි ජන බලවේගයේ වෙනත් වගකිවයුතු නියෝජිතයකු එම ප්‍රකාශය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට හෝ නිවැරදි කිරීමට කටයුතු නොකළ බවට ද ඔහු චෝදනා කළේය.
“මෙවැනි තත්ත්වයක් හමුවේ අපගේ ආත්මගරුත්වය ආරක්ෂා කරගනිමින් අපට එතැනට යන්න බෑ” යැයි සාගර කාරියවසම් සඳහන් කළේය.
කෙසේවෙතත්, යෝජිත 22 වැනි සංශෝධනයට එරෙහි වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බව ඔහු පැවසීය.
“මේක සමගි ජන බලවේගයේ විරෝධතාවයක් නොවිය යුතුයි. මෙය මුළු රටේම විරෝධතාවයක් විය යුතුයි,” යනුවෙන් ද ඔහු කීය.
විපක්ෂයේ එකමුතුකම පිළිබඳව නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් පැවසුවේ, මැතිවරණයක් පැවැත්වෙන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලන ශක්තිය පෙන්නුම් කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart