
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පිහිටි ‘සාරානාත් පුදබිම’ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කර තිබේ.
මෙය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය ස්ථානයක් සඳහා හිමිවූ අන්තර්ජාතික ඇගයීමකි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සිය ප්‍රථම ධර්ම දේශනාව වන ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ දේශනා කරමින් බුද්ධ ශාසනයේ ආරම්භය සනිටුහන් කළ ස්ථානය ලෙස සාරානාත් පුදබිම අතිශය ආගමික සහ ඓතිහාසික වටිනාකමකින් යුක්ත වේ.
වාර්ෂිකව ඉන්දියාවේ වන්දනාවේ යෙදෙන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික බෞද්ධයන් ඇතුළුව ලොව පුරා විසිරී සිටින වන්දනාකරුවන්ගේ ප්‍රධානතම වන්දනා මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය සැලකේ.
උත්තර ප්‍රදේශ් හි වාරාණසි නගරයට ආසන්නව පිහිටි සාරානාත් පුදබිම, මුල් බුදුදහමේ ඉතිහාසය සහ ව්‍යාප්තිය හා සබැඳි වැදගත් බෞද්ධ ස්මාරක සහ පුරාවිද්‍යාත්මක නගර නටබුන් රැසකින් සමන්විත වේ.
මෙම යුනෙස්කෝ ලෝක උරුමයත් සමඟ සාරානාත් හි ඓතිහාසික, සංස්කෘතික සහ ආත්මීය වටිනාකම තවදුරටත් ලොව පුරා ප්‍රචලිත වන අතර, විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන්ගේ පැමිණීමද තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart