
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරග පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායක, ක්රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
සචිත්ර සේනානායකට අපරාධ චෝදනා ගොනුකළ හැකි බව මීට පෙර ප්රකාශ වී තිබිණි.
2020 වසරේදි පැවති පළමු ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට එක්වූ ක්රීඩකයන් දෙදෙනකු වංචා සහ දූෂණ චෝදනා කටයුත්තක් සිදුකිරීමට සචිත්ර විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව ප්රමාණවත් කරුණු අනාවරණය වී ඇති බැවින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සචිත්රට එරෙහි විමර්ශන ආරම්භ කරනු ලැබුවේ අදාළ ක්රීඩකයන් දෙදෙනා විසින් ලංකා ක්රිකට් වංචා හා දූෂණ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කිරීමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart