
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාව තුළ දෙමළ ජනසංහාරය නමින් හැඳින්වෙන ස්මාරකයක් විවෘත කිරීම සම්බන්ධයෙන් හිටපු විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් ඔහු කැනඩාවේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කර තිබේ.
එමෙන්ම සිය නිවේදනය මගින් ජනාධිපති නීතීඥ අලි සබ්‍රි පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ කවදා හෝ ජන සංහාරයක් සිදුවූයේ නම්, එය එල්ටීටීඊය විසින් උතුරු පළාතේ මුස්ලිම් සහ සිංහල ජනතාව ඉලක්ක කර සිදුකළ ම්ලේච්ඡ වාර්ගික සංහාරය බවයි.
”1990 ඔක්තෝම්බර් මාසයේදී මුස්ලිම්වරුන්ට සහ සෙසු සුළු ජාතීන්ට, තම පාරම්පරික නිවෙස්වලින් පිටව යාමට පැය 24ක් පමණක් ලබාදුන්නා. 75,000 කට වැඩි පිරිසක් නෙරපාහැරියා. ඔවුන්ගේ ඇදහිල්ල නිසාම ඔවුන්ගේ දේපළ කොල්ලකෑවා, පල්ලි විනාශ කළා ඒ වගේම ජීවිත විනාශ කළා. සිංහල පවුල් පළවාහැරියා. බොහෝදෙනෙකුට ආපසු එන්නවත් ඉඩ දුන්නේ නෑ. මෙය අපගේ ජීවිත කාලය තුළ සිදු වූ සැබෑ, ලේඛනගත ජනසංහාරයයි.” යනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්‍රි නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එහෙත් අද උතුරු පළාත නැගී සිටින්නේ වාර්ගික භේදයෙන් නොව දේශපාලන සහභාගීත්වයේ ඔරොත්තු දීමේ හැකියාවේ සාක්ෂියක් ලෙස බවත්, පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණයෙන් එම පළාතෙන්ම දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කළ බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම අලි සබ්‍රි විමසා සිටින්නේ ජන සංහාරයක් සිදු කළ බව කියන රටක එවැන්නක් සිදුකළ හැකිද යන්නයි.
ශ්‍රී ලංකාවට බරපතල අපරාධ සිදුවූ ජනසංහාරයක් සිදුවූ රටක් ලෙස ව්‍යාජ ලේබලයක් ඇලවීම වරදක් පමණක් නොව එය භේදකාරී, භයානක සහ ගැඹුරු වගකීම් විරහිත ප්‍රකාශයක් බව ද අලි සබ්‍රි සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
කැනේඩියානු රජය මේ පිළිබඳ වඩාත් හොඳින් දැන සිටිය යුතු වුව ද, කනගාටුවට කරුණ වන්නේ ඔවුන් ඡන්ද ලබාගැනීමේ අවශ්‍යතාව මත දේශපාලනයෙන් අන්ධ වී සිටින බවත් අලි සබ්‍රි චෝදනා කරයි.
සියලුදෙනා සත්‍යය වෙනුවෙන් පෙනීසිටිය යුතු බවත්, සියලු ජන කොටස් වෙනුවෙන් සහ අසත්‍යය සහ විදේශීය බලපෑම්වලින් මුල් බැසගත් අනාගතයක් සඳහා නොව, සෑම ශ්‍රී ලාංකිකයෙකුම යුක්තිය, එකමුතුකම සහ අභිමානය වෙනුවෙන් පෙනීසිටිය යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර කැනඩාව තුළ දෙමළ ජනසංහාරය නමින් හැඳින්වෙන ස්මාරකයක් විවෘත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද විරෝධය පළකර තිබිණි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ ජාත්‍යන්තර නීතිය යටතේ, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ ඇති වූ ගැටුමේදී ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කිසිදු ජන සංහාරයක් ඔප්පු කර නොමැති අවස්ථාවක සහ එවැනි චෝදනාවන් නොමැති අවස්ථාවක, කැනඩාව තුළ දෙමළ ජන සංහාරය උදෙසා ස්මාරකයක් විවෘත කිරීම කනස්සල්ලට කරුණක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart