
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන තේ වෙනුවට ඉරානයෙන් සෘජුව ඉන්ධන ආනයනය කිරීම සදහා වූ ගිවිසුම විදේශ ඇමැති අලි සබ්‍රිගේ ඉරාන සංචාරය අතරතුර අවසන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එරට විදේශ ඇමැති හොසේන් අමීර් අබ්දුල්ලාහියන්ගේ ආරධනයකට අනුව අලි සබ්‍රි ඇමැතිවරයා ඊයේ(04) ඉරාන සංචාරයක් වෙනුවෙන් පිටත්ව ගියේය.
ඔහු අගෝස්තු 07 වැනිදා දක්වා එරට රැදී සිටීමට නියමිතය.
ජාතීන් දෙක අතර වෙළෙඳ සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් තේ අපනයනය පුළුල් කිරීම සඳහා උපාය මාර්ග සැකසීම කෙරෙහි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කෙරේ.
මෙම කටයුතු අතරතුර විදේශ ඇමැතිවරයා ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රාහිම් රයිසි හමුවීමට නියමිතව ඇති අතර, විදේශ ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඉරාන රජයේ ප්‍රධාන පුද්ගලයන් රැසක් සමඟ සකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart