
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සහෝදරයෙකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මහජනතාවට මත්පැන් බලපත්‍රයක් ලබා දීමට පොරොන්දු වෙමින් වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් රුපියල් මිලියන 27.5 ක (රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක) මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
එම පැමිණිල්ලට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් දියත් කරන ලද විශේෂ පරීක්ෂණයකින් අනතුරුව ඊයේ (14) දින හඟුරන්කෙත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
58 වැනි වියෙහි පසුවන මෙම සැකකාර හිටපු මන්ත්‍රීවරයා අද (15) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart