
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුසියානු ජාතික සංචාරකයන් විසින් උණවටුන ප්‍රදේශයේ සංචාරක වීසා මත රැදීසිටිමින් ව්‍යාපාර කටයුතු කරගෙන යෑම දේශීය සංචාරක ව්‍යාපාරයට ඉමහත් තර්ජනයක්ව පවතින බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසයි.
එම සංවිධානය අනාවරණය කරන ආකාරයට, උනවටුන හැපි බනානා හෝටලයට යාබදව පිහිටා ඇති “gretcha” “ග්‍රේචා” අවන්හල මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ඨියක් උසුලයි.
රුසියානු ජාතික Andrei Gretcha යන පුද්ගලයා විසින් පවත්වාගෙන යන මෙම අවන්හලේ ගෙවීම් සදහා, විදේශිකයන්ට රූබල් භාවිත කළ හැකිය.
එම මුදල් රුසියානු බැංකු ගිණුම් වලට මුදල් බැර කල හැකි අතර, තවද ඔවුන් ලබා දී ඇති QR කේත ඔස්සේ “Crypto” “USDT” හරහාද ඔවුන්ගේ බැංකු සහ Crypto Wallet වලට මුදල් ලබාගැනීමේ හැකියාව පවතී.
ඉහත රුසියානු ජාතික පුද්ගලයා විසින් එම හෝටලය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එහි සියලු ගෙවීම් සිදුකරන්නේ ඉහත ක්‍රම මගින් බව හෙළිව තිබේ.
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරන ආකාරයට, ඔහුගේ සහචරයෙක් වන බෙලරුසියන් ජාතිකයෙක් වන Kirill යන අයද මෙම ව්‍යාපාරය ආශ්‍රිතව Poker ක්‍රීඩාව පවත්වාගෙන යයි.
මෙම Poker ක්‍රීඩාව රුපියල් 10,000ක් අඩුම මුදලකින් පටන් ගත හැකි අත,ර දිනකට ලක්ෂ ගණනින් රුසියන් ජාතිකයන් උණවටුනේ සහ හික්කඩුවේ රහසිගතව පවත්වාගෙන යන ස්ථානවල ක්‍රීඩාව කරයි.
රජයේ නීති රෙගුලාසි අනුව සූදු ක්‍රීඩාව සදහා බලපත්‍රයක් ලබාගත යුතු අතර එය දැඩි නියාමනයක් සහිතව කළ යුත්තකි.
එහෙත් ඉහත විදේශීය ජාතිකයන් විසින් ඉතා රහසිගතව කරන මෙම ජාවරම නිසා රටට නැතිවන විදේශ විනිමය සහ බදු ආදායම විශාලය.
Poker Ceylon යන නමින් Instagram ගිණුමකට අනුබද්ධිතව පවත්වාගෙන යන මෙම රහසිගත සූදුව සමගම එම සූදු ක්‍රීඩකයන් හට රුසියානු රූබල්වලින් ගෙවීම් කිරීමේ හැකියාවද ලබාදී ඇත.
මෙම සියලුම රුසියානු ව්‍යාපාරිකයන් හට අවශ්‍ය උපදෙස් ලබාදීම සදහා Andrei Gretcha යන රුසියන් ජාතික පුද්ගලයා විසින් Russian Business Club යන නමින් telegram group එකක් පවත්වාගෙන යන අතර, ඊට අමතරව Viktoria Palnther යන රුසියානු ජාතික කාන්තාව සමග තවත් Telegram සමූහයක් පවත්වාගෙන යන බව හෙළිවේ.
එම සමූහය හරහා දිවයිනට පැමිණෙන රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සම්බන්ධ කරගෙන යයි.
දැනට එම Telegram Group වල සාමාජිකයන් 15000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර එම සමූහ හරහා සංචාරක පැකේජ (Tour Packages), වාහන කුලියට ලබාදීම(Scooter rental), ගෙවල් කුලියට දීම, මුදල් හුවමාරුව(Money exchange) යන සේවා පවත්වාගෙන යයි.
දිනකට විශාල මුදල් ප්‍රමාණයක් මෙම පුද්ගලයන් විසින් හුවමාරු කරන ලබන අතර ඔවුන් මේ සදහා පෞද්ගලික බැංකුවක කාඩ්පත් රහිත Atm ක්‍රමය භාවිත කරන බව පැවැසේ.
රුසියානු සංචාරකයන් හට telegram හරහා ඔවුන් සමග සම්බන්ධ වී එම රුසියන් නියෝජිතයාගේ රුසියන් බැංකු ගිණුමට මුදල් බැර කර පසු ලංකාවෙ සිටින රුසියන් නියෝජිතයා විසින් එම සංචාරකයා හට ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට හැකි පරිදි කාඩ්පත් රහිත කේතයක් ලබාදෙයි.
මෙම රුසියානු Telegram සමූහයේ රුසියානු ජාතිකයන් විසින්ම ඔවුන් ඔවුන්ගේ නිවාස අශ්‍රිතව පවත්වාගෙන යන කුඩා ව්‍යාපාර සදහා වෙළද දැන්වීම් පළකල හැකි අතර, එම එක් වෙළද දැන්වීමක් සදහා ඩොලර් 30ක මුදලක් අයකෙරේ.
මෙහි ඇති සුවිශේෂි බව වන්නේ දේශීය ව්‍යාපාරිකයන් හට මෙම වෙළද දැන්වීම් පළකළ නොහැකි බවයි.
දේශීය ව්‍යාපාරිකයන් හෝ ශ්‍රී ලාංකිකයන් මෙම telegram සමූහයට ඇතුළු වුවහොත් එම සමූහය හසුරවන රුසියානු ජාතිකයන් විසින් ඔවුන් ඉතා ඉක්මණින් ඉවත්කරනු ලබයි.
මෙම සියලු කටයුතු සම්බදීකරණය කරනු ලබන්නේ රුසියානු ජාතිකයන් විසින් “Papa” නැතහොත් එම බසින් “තාත්තා” ලෙස අන්වර්ත නාමයෙන් හදුන්වන Andrei Gretcha යන අය විසින් බව පැවැසේ.
Andrei Gretcha යන පුද්ගලයා රුසියානු ආරක්ෂක අංශවලට අවශ්‍ය පුද්ගලයකු බවත්, ඔහු ලංකාවට පැමිණි දින සිට නැවත මව් රටට ගොස් නැති බවත් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය වැඩිදුරටත් හෙළිකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart