March 31, 2026

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ අද (31) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

11 වැනි ශ්‍රී ලංකා-රුසියානු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ පවසයි.

සංචාරය අතරතුර, රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මීට පෙර, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයකු ද පැමිණ ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමට රුසියාවේ කැමැත්ත ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, රුසියාවෙන් තෙල් ආනයනය අවහිර කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව සමාජවාදී ජනතා පෙරමුණ ප්‍රකාශ කර තිබේ.

ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ආචාර්ය ජී. වීරසිංහ ප්‍රකාශ කළේ රුසියාවෙන් තෙල් ආනයනය කිරීම සඳහා කඩිනමින් පහසුකම් සපයන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.