
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ වැඩිම කලක් පාලනය මෙහෙයවූ, ජනතාව විසින් තෝරා පත් කරන ලද අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින් නරේන්ද්‍ර මෝදි තැබූ ඓතිහාසික වාර්තාව රුසියානු ජනාධිපති මන්දිරය (ක්‍රෙම්ලිනය) අගය කර සිටියේය.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෝදිගේ පාලන කාලය තුළ ඉන්දීය වැසියන් මිලියන 250ක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට හැකිව තිබෙන බවයි.
‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පත වාර්තා කරන අන්දමට, නූතන ඉන්දීය ඉතිහාසයේ වැඩිම කලක් බලයේ රැඳී සිටි, තේරී පත් වූ අග්‍රාමාත්‍යවරයා ලෙස ජවහර්ලාල් නේරු තබා තිබූ වාර්තාව පසුකර යාමට මෝදි පසුගිය බදාදා සමත් විය.
හිටපු අග්‍රාමාත්‍ය නේරු දින 4,398ක් අගමැති ධුරය හෙබවා ඇති අතර, නරේන්ද්‍ර මෝදි මේ වන විට දින 4,399ක් එම ධුරයේ සේවය කර තිබේ.
මෝදිගේ පාලන සමය තුළ මිලියන 250කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙන බවත්, එය ඉන්දියාව ලැබූ ඉතාමත් වැදගත් ජයග්‍රහණයක් බවත් ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේය.
“ඉන්දියාව අද වන විට ලොව වේගයෙන්ම වර්ධනය වන සහ සංවර්ධනය වන ආර්ථිකයක් සහිත ප්‍රමුඛතම ගෝලීය ආර්ථික බලවතෙක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අපට වඩාත්ම වැදගත් වෙන්නේ ඉන්දියාව අපගේ සමීපතම හවුල්කාර රාජ්‍යයක් වීමයි,” යනුවෙන් පෙස්කොව් එහිදී සඳන් කළේය.
එමෙන්ම රුසියානු-ඉන්දීය සබඳතා සෑම ක්ෂේත්රයකින්ම ශක්තිමත් වෙමින් පවතින බව පෙන්වා දුන් පෙස්කොව්, දෙරට අතර පවතින මෙම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අග්‍රාමාත්‍ය මෝදි අඛණ්ඩව දායක වනු ඇතැයි රුසියාව බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart