August 27, 2026

නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, කෙටි කාලයකට දෙවැනි ස්ථානයට පත්ව සිට යළිත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.

රුමේෂ් තරංග ප්‍රසාද ලකුණු 1,363ක් ලබාගනිමින් පෙරමුණේ පසුවන අතර, ලකුණු 1,342 ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන ජර්මනියේ ජූලියන් වේබර්ට වඩා ලකුණු 21 ක් ඉදිරියෙන් සිටීමට ඔහු සමත්ව ඇත.

ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

ඉන්දියාවේ නීරාජ් චොප්රා, පසුගියදා නිමාවට පත් වූ ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී තරංගට ප්‍රබල තර්ජනයක් එල්ල කළ අතර, ඔහු ලකුණු 1,301 ක් ලබාගනිමින් හිමිකරගෙන ඇත්තේ හයවැනි ස්ථානයයි.