July 30, 2026

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2026 තරගාවලියේ හෙල්ල විසිකිරීමේ මූලික සුදුසුකම් ලැබීමේ වටයේදී මීටර් 82.84ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

ඒ අනුව ඔහු තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ඇත.

රුමේෂ් තරංග දක්වන ලද මෙම විශිෂ්ට දක්ෂතාවය හේතුවෙන්, තරගාවලියේ මෙවර පදක්කමක් දිනාගැනීමේ ප්‍රබලතම අපේක්ෂකයකු බවට ඔහු පත්ව සිටී.

මේ අතර, මෙම ඉසව්වට එක්වූ අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩක සුමේධ රණසිංහට සුදුසුකම් ලැබීමේ සීමාව සැපිරීමට නොහැකි වූ බැවින් ඔහුට අවසන් වටයට පිවිසීමට අවස්ථාව අහිමි විය.