
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, අන්තර්ජාතික මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ස්ථානයට පිවිසීමේ ස්වර්ණමය අවස්ථාව අභිමුවටම පැමිණ සිටියි.
දැනට මෙම ලේඛනයේ ප්‍රථම ස්ථානයේ පසුවන ජර්මනියේ ජූලියන් වේබර් ලකුණු 1348ක් ලබා සිටින අතර, රුමේෂ් තරංග ලකුණු 1347ක් ලබා ගනිමින් ඔහුට වඩා පසුපසින් සිටින්නේ තවත් එක ලකුණක් පමණක් අඩුවෙනි.
මේ මස 23 වැනිදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී දක්වන දක්ෂතා මත ඔහුට ලෝකයේ අංක 1 ස්ථානයට පත්වීම ස්ථිර වනු ඇත.
පසුගිය මාස 3ක වැනි කෙටි කාලයක් තුළ රුමේෂ් දැක්වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්, ලොව සමස්ත මලල ක්‍රීඩකයන් 25,000ක් අතරින් 67 වැනි ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වී තිබේ.
ආසියාවෙන් ඔහුට ඉහළින් සිටින්නේ 51 වැනි ස්ථානයේ පසුවන ජපානයේ මැරතන් ක්‍රීඩක ටොසිකාසු යමන්ෂි පමණි.
මෑතකදී දෝහාහි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 88.68ක දක්ෂතාවක් දක්වමින්, ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් සහ ඔලිම්පික් රන් පදක්කම්ලාභී නිරාජ් චොප්රා පරාජය කර රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් සමත් විය.
එය ඔහු මාස 5ක් තුළ දිනාගත් 7 වැනි රන් පදක්කමයි.
එමෙන්ම චෙක් ජනරජයේ පැවති තරගයකදීද මීටර් 86.57ක දක්ෂතාවක් සමඟින් ඔහු ප්‍රමුඛයා විය.
ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62ක දුරක් හෙල්ල විසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් සමත් වූ අතර, එය 2026 වාරය සඳහා ලෝකයේ වාර්තා වූ වැඩිම දුර ලෙසද සටහන් වේ.
ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු ලෝකයේ අංක එකට පත්වන එම ඓතිහාසික දිනය සනිටුහන් වීමට දැන් දින කිහිපයක් පමණක් ඉතිරිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart