
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ පුරාවිද්‍යාඥයන් එරට මොහෙන්ජෝ-දාරෝ හි බෞද්ධ සිද්ධස්ථානයක නටබුන් අතරින් වසර 2,000ට වඩා පැරණි අතිශය දුර්ලභ තඹ කාසි තොගයක් සොයාගෙන ඇත.
බෞද්ධ රාජ්‍යක් වන කුෂාන අධිරාජ්‍යයේ කාලයට මෙම බෞද්ධ සිද්ධස්ථානය අයත් වේ. එය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් විහාරයකි. වර්තමාන ගිනිකොනදිග පාකිස්ථානයේ මොහෙන්ජෝ-දාරෝ හි බෞද්ධ නටබුන් පැතිර ඇති කලාපය තුළ මෙම සිද්ධස්ථානය පිහිටා තිබේ.
මෙම මස මුලදී තාප්පයක් කඩාවැටීමෙන් පසු සිදුකළ කැණීමකදී කාසි තොගය සොයාගෙන ඇත.
මොහෙන්ජෝ-දාරෝ අඩවියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා වන සයිඩ් ෂකීර් ෂා විසින් මෙම කාර්යය මෙහෙයවනු ලැබීය.
වාතයට නිරාවරණය වූ විට තඹ මළකඩ කෑමට ලක්ව ඇති නිසා අලුතින් සොයාගත් කාසි කොළපාට වී ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart