July 23, 2025

යුද හමුදා බුද්ධි අංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් රාජගිරියේ දී සිදුකරන ලද ඒකාබද්ධ වැටළීමකදී රුපියල් මිලියන 12 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ජූලි 22 වැනි දින රාජගිරිය ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී ‘කුෂ්’ ගංජා කිලෝග්‍රෑම් 2ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

සැකකරු පන්නිපිටිය, තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.