
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින්, මේ මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 11ක මුදලක් වෙන්කර තිබේ.
ව්‍යවස්ථානුකූලව ලබන වසරේ ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පසුගිය වසරේ ජුලි 20 වැනි දින පාර්ලිමේන්තුව හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ තේරී පත්විය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ දැනට කටයුතු කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉතිරි කොටසයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ, 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන අතර, එම කාලය තුළ මැතිවරණයක් කැඳවන බවයි.
2024 විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වියදම රුපියල් බිලියන 3,860 කි. මෙය 2023 ට සාපේක්ෂව රුපියල් බිලියන 203ක වැඩිවීමකි. 2023 වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,657 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart