
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හබරණ, මරදන්කඩවල, ගලපිටගල ප්රදේශයේදී පසුගිය මාර්තු 7 වැනි දින ලොරියක ගැටී අනතුරකට ලක්වූ පසු අතුරුදන්ව සිටින ‘සුමේධ’ නම් අලියා සොයා ගැනීමේ මෙහෙයුම සඳහා රුපියල් මිලියනයකට අධික මුදලක් වැය වී ඇඇතැයි වාර්තා වේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, මෙතරම් මුදල් ප්රමාණයක් වැයවී තිබුණ ද අලියා තවමත් සොයාගෙන නොමැත.
දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පැවසුවේ අනතුරේ දී අලියාගෙන් වෙන් වූ ඇත් දළය දැනට දෙපාර්තමේන්තුව භාරයේ ආරක්ෂිතව ගබඩා කර ඇති බවයි.
ඇත් දළය නැතිවීම අලියාට ජීවිතයට තර්ජනයක් නොවන බව ද ඔහු සහතික කළේය.
පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ සහ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ සහාය ඇතිව අලියා සෙවීමේ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.
මේ අතර, අධික වියදම පිළිබඳ කණස්සල්ල පළ කරමින්, සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ ප්රධාන ලේකම් ඉන්දික පීරිස්, මෙහෙයුම සඳහා මෙතරම් විශාල මුදලක් වැය කිරීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි ප්රශ්න කළේය.
බලධාරීන් විශ්වාස කරන්නේ අතුරුදහන් වූ ‘සුමේධ’ අලියා මරදන්කඩවල ලබුනෝරුව ප්රදේශයේ සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart