
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඓතිහාසික රාජකීය මඟුල් මඩුව සහ බිසෝ උල්පැන්ගේ විධිමත් පරිදි සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණට දැනුම් දී තිබේ.
රාජකීය මගුල් මඩුව දැනටමත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලිපියකින් ශ්‍රී දළදා මාලිගාවට පවරා දී ඇති අතර එය විධිමත් පරිදි සන්නස් පත්‍රයක් මගින් පවරාදීම මෙයින් සිදු කෙරේ.
මල්වතු අස්ගිරි මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව මෙම ගොඩනැඟිලි දෙක ශ්‍රී දළදා මාලිගාවට කඩිනමින් පවරා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.
එම ගොඩනැඟිලි දෙකම ඉතා අබලන් තත්ත්වයක පවතින බවත් ඉතා ඉක්මණින් ප්‍රතිසංස්කරණය නොකළහොත් ඒවා විනාශ වී යනු ඇති බවද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart