
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුගේ සහාය ඇතිව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ චීන ජාතිකයා පිටුවහල් කිරීමට පියවර ගැනුණද, තමා මෙරටින් පිටවීමට අකමැති බව ඔහු ප්‍රකාශ කර ඇත.
කොළඹ චීන තානාපති කාර්යාලය විසින්ද මෙරට වගකිවයුතු රාජ්‍ය ආයතනවලින් ඉල්ලා ඇත්තේ අදාළ චීන ජාතිකයා මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත්, ලී පෙන් නමැති මෙම පුද්ගලයා චීනයට යෑම ප්‍රතික්ෂේප කරන අතර, තමාව පිටුවහල් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කර තිබේ.
මෙම සිදුවීමට අදාළ නඩුව හෙට(29) විභාගයට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ ඉලුක්පිටිය සඳහන් කරයි.
මෙම චීන ජාතිකයා පසුගිය මැයි 18 වැනිදා රාත්‍රියේ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණ මෙරටට ඇතුළුවීමට උත්සාහ දරා ඇත. එහිදී ඔහු සතුව පැවැති විදේශ ගමන් බලපත්‍ර දෙකක් ගුවන්තොටුපොළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පුද්ගලයා නිදහස් කිරීමට පහසුකම් සැලසීම සඳහා ගුවන්තොටුපොළ ආගමන නිලධාරීන්ට ඇමරිකානු ඩොලර් 3,000 ක අල්ලසක් පවා ලබාදීමට උත්සාහ කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart