
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර චීනයේ පිහිටි වසර 650ක් පමණ පැරණි බෙර සවිකළ කුළුණක වහලේ උළු කඩා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ෆෙන්යැං ඩ්‍රම් නම් එම කුළුණ පසුගිය වසරේ අලුත්වැඩියා කටයුතුවලට භාජනය කළ එකක් බවත් එහි වහලේ උළු හදිසියේ කඩා වැටී තිබුණේ මැයි 19 වැනි දිනයි.
වහලයේ කොටසක් කඩා වැටෙන ආකාරය විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වීඩියෝ කිහිපයක පෙන්නුම් කර තිබිණි.
තත්පර කිහිපයක් ඇතුළත එහි උළු ලිස්සා ගොස් විශාල දූවිලි වලාකුළක් ඉහළට එසවිණි.
කුළුණේ වහලයේ නැගෙනහිර දෙසට මුහුණලා ඇති කොටස ආශ්‍රිතව සිදු වූ මෙම සිදුවීමෙන් කිසිවකුට හානියක් සිදු නොවූ බව අන්හුයි පළාතේ සංස්කෘතික හා සංචාරක කාර්යාංශය පවසයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රාන්තය වහාම හදිසි ප්‍රතිචාර පියවර ක්‍රියාත්මක කර, නරඹන්නන් ඉවත් කර ප්‍රදේශය වට කළ බවයි.
1375 දී මිං රාජවංශ සමයේදී ඉදිකරන ලද කුළුණේ උස් වේදිකා පදනමක් සහ ගොඩනැගිල්ලක් මුල් කාලයේ තිබී ඇත.
1989 දී අන්හුයි හි ආරක්ෂා කළ යුතු ප්‍රධාන සංස්කෘතික වස්තුවක් ලෙස මෙම ස්ථානය ලැයිස්තුගත කරන ලදී.
කෙසේවෙතත්, මුල් ගොඩනැගිල්ලේ කොටසක් 1853 දී ක්විං රාජවංශ සමයේදී විනාශ වූ අතර, ගොඩනැගිල්ල 1995 දී ප්‍රතිසංස්කරණය කරන ලදී.
අන්හුයි පළාතේ සංස්කෘතික හා සංචාරක කාර්යාලයට අනුව, 2017 සිට ගොඩනැගිල්ලේ වහල උළුවලට හානි සිදුවී ඇත.
2023 පෙබරවාරි මාසයේදී ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර, ඉදිකිරීම් 2023 සැප්තැම්බර් සහ 2024 මාර්තු අතර එය සිදුකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart