March 18, 2024

කෝප් කමිටුවේ සභා­පති රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන ජාතික ජන බලවේගයේ විජිත හේරත් මන්ත්රිවරයට එරෙ­හිව අප­හාස නඩු දමනතුරු බලා­සිටින බව ජාතික ජන බලවේගය පවසයි.

ජාතික ජන බල­වේ­ගයේ සුනිල් හඳු­න්නෙත්ති පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේ දී පැවැති රැස්වී­ම­ක­දී සඳහන් කළේ, රෝහිත අබේගුණවර්ධන යනු උසාවිය මගහැරී පුද්ගලයෙක් බවයි.

“අපේ විජිත හේරත් සහෝ­ද­ර­යාට එරෙ­හිව රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන උන්නැහේ එන්ත­ර­වාසි ලබන සතියේ එව­නවා කියලා මාධ්‍ය­වල විකා­ශය වෙනවා අපි දැක්කා. අනේ ලොකු දෙයක්. ඉක්ම­ණට නඩු දානවා නම් අපිත් ලෑස්තියි ඔප්පු කරන්න. ඒ නඩුව ඉක්ම­ණට ගන්නවා නම් හොඳයි. අපිට සාක්ෂි ඕනෑ තරම් තිබෙ­නවා එයා කවුද කියලා ඔප්පු කරන්න. අපි උසා­වියේ දී හමුවෙන්න කැමැ­තියි.

එයා උසාවි මග හැරල ගිය කෙනෙක්. අල්ලස් කොමි­ෂ­මට එන්න කීවම නයා ගහපු කෙනෙක්. අපි කැම­තියි එයා නඩු දාන­වාට උසා­වියේ දී හමු­වෙන්න පුළු­වන්. අපි හරිම කැම­තියි එයා අපිට එන්ත­ර­වාසා එව්වොත් ඉක්ම­නට උත්තර දෙනවා. රජයේ මුදල් ආරක්ෂා කිරීම ගැන ජන­තා­වට වග­කි­යන්නේ කෝප් කමි­ටු­වයි. ඒ නිසා අපි හරි කැමැ­තියි ඒ දෙව­ල්වල ඇත්ත නැත්ත උසා­වියේ දී කතා කරන්න.