
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දෙවන පරපුර පක්ෂය මගින් දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට සුදානම් වීම පිළිබඳව .
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට සුදානම් වේ.
‘පරදවමු සහජීවනය ජයගමු’ යන තේමාව ඔස්සේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාව දැනුවත් කිරිම සදහා සම්මන්ත්‍රණ මාලාවක්, ඔහු නායකත්වය දරන දෙවන පරපුර පක්ෂය විසින් සංවිධානය කර ඇත.
එහි පළමු සම්මන්ත්‍රණය අද(17) පස්වරු 03ට කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන ශාලා පරිශ්‍රයේ පැවැත්වේ.
උවිඳු විජේවීර රුසියාවේ සිට අන්තර්ජාලය හරහා මෙම සම්මන්ත්‍රණය ඇමතීමට නියමිත බව වාර්තා අනාවරණය කරයි.
උතුරු පළාතේ ජනතාවට ස්වාධීනව කටයුතු කිරිමට බලතල අවශ්‍ය නොවන බවත්, සහජීවනයෙන් ජිවත්වීමට අවශ්‍ය පහසුකම් ලබාදීම ප්‍රමාණවත් බවත් මෙම පක්ෂයේ ස්ථාවරත්වය වී තිබේ.
උවිඳු විජේවීර බැසිල් රාජපක්ෂ පාර්ශ්වය සමග සමීපව කටයුතු කරන බව පසුගිය දිනවල ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart