
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රොබෝ මැරතන් තරගයක් චීනයේදී පවත්වා තිබේ.
විදෙස් ජනමාධ්‍ය පැවසුවේ බීජිං හි පැවැති Yizhuang අර්ධ මැරතන් තරඟයේදී රොබෝවරු මිනිසුන් සමඟ දිව ගිය බවයි.
චීන නිෂ්පාදකයින් විසින් නිර්මාණය කරන ලද මානවරූපී රොබෝවරු 21ක් තරගයට සහභාගී වී තිබේ.
එම රොබෝවරුන් කිලෝමීටර් 21 ක ධාවන පථය සම්පූර්ණ කරනවිට තවත් ධාවකයන් රැසක් ඒ අසලින් වූ වෙනත් ධාවන පථයක රොබෝවරින්ට සමගාමීව ඔවුන් අසලින් දිව යන අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
තරගය නැරඹීමට ද විශාල පිරිසක් රැස්ව තිබේ.
ජයග්‍රාහකයා වූයේ පැය දෙකයි මිනිත්තු 40 යි තත්පර 42 කින් සීමාව පසු කළ Tiangong Ultra කණ්ඩායමයි.
තරගයට සහභාගී කරවන ලද ඇතැම් රොබෝවරු තරඟය අවසන් කළ අතර තවත් පිරිසක් ආරම්භයේ සිට අසාර්ථක වී තිබේ.
මෙම තරගය ලොව ප්‍රථම රොබෝ අර්ධ මැරතන් තරගය ලෙස නම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart