
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කිසියම් සේවකයකුට රැකියා වේලාවෙන් පසු ලැබෙන රාජකාරි පණිවිඩ සඳහා ප්‍රතිචාර නොදක්වා සිටීමේ අයිතිය හෙවත් විසන්ධි කිරීමේ අයිතිය(right to disconnect ) සම්බන්ධ නීතිය ඕස්ට්‍රේලියා අද සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව රාජකාරි වේලාවන් පසු ලැබෙන දුරකථන ඇමතුම්,ඊ මේල් පණිවීඩ සහ කෙටි පණිවීඩසඳහා අද සිට ප්‍රතිචාර නොදැක්වීමට හෝ විසන්ධි කිරීමට සේවකයන්ට හැකියාව ඇත.
ඊට එරෙහිව ක්‍රියා කරන හාම්පුතුන්ට විරුද්ධව ඕස්ට්‍රේලියානු ඩොලර් 93,900ක දඩ මුදලක් නියම කළ හැකි බව එරට වාර්තා පෙන්වාදෙයි.
ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ මෙලෙස නීති හදුන්වා දී ඇත්තේ රැකියාවෙන් පසු සේවකයන්ට වඩාත් හොඳ පෞද්ගලික ජීවිතයක් ගතකිරීමට අවස්ථාව උදාකර දීමට බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart