
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අක්කර ලක්ෂයක් හානි වුවත් රටේ සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.
යල කන්නයේ අක්කර 530,000 ක වී වගා කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ වනවිට නියඟයෙන් අක්කර 50000 කට ආසන්න ප්‍රමාණයකට වගා හානි සිදුව ඇත.
කෙසේ වෙතත් පසුගිය දිනක කැබිනට් මණ්ඩලයේදී ආහාර සුරක්ෂිතතාව භාර නිලධාරියෙකු පවසා තිබුණේ ලොව පුරා පවතින දේශගුණික තත්ත්වය අනුව සහල් ආනයනයද ගැටලු සහගත බවය.
මේ අතර ඉදිරි කන්නයේ වී අස්වැන්නේ අපේක්ෂිත පාඩුව තක්සේරු කිරීම සඳහා වී නිෂ්පාදනයට පවතින නියඟයේ බලපෑම පිළිබඳ සවිස්තර වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය සකස් කරමින් සිටින බව ද පසුගිය දිනක වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart