
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උපරිම සිල්ලර මිලට සහල් නොවිකිණීම ඇතුළු සහල් අලෙවියට අදාළ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වැටලීම් 300 කට අධික සංඛ්‍යාවක් මේ මාසයේ දී සිදු කර ඇති බව වාර්තා වේ.
පවතින නියඟය හේතුවෙන් සහල් හිඟයක් ඇති විය හැකි අතර, වෙළඳපොලේ සහල් මිල පහත නොයන බවට පාරිභෝගිකයන් විසින් පළ කරන ලද කනස්සල්ල හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරියේ මූලාශ්‍රවලට අනුව උපරිම සිල්ලර මිල ඉක්මවීම සම්බන්ධයෙන් පමණක් සැප්තැම්බර් මාසයේදී වැටළීම් 60ක් සිදුකර තිබේ.
මිල ප්‍රදර්ශනය නොකර සහල් විකිණීම සහ සහල් තොග රැස්කර තබා ගැනීම ඊට ඇතුළත් වේ.
කීරි සම්බා සහ සම්බා යන සහල් වර්ග දෙක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කෙරෙන බව අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ, එවැනි විකුණුම්කරුවන්ට වෙළඳපල මිලට බලපෑම් කිරීමට නොහැකි වන පරිදි මෙම වැටළීම් මාසය පුරා අඛණ්ඩව සිදුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart