
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගෘහස්ථ ජල ගාස්තුව, මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් ලෙස පැවති ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.
කෙසේ වෙතත් සමෘද්ධිලාභීන් සහ වතු නිවාස සඳහා ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවේ.
පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.
ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද ඉහළ නංවා ඇත.
මීට පෙර පසුගිය සැප්තැම්බර් මස පළමු වැනිදා ද ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකරනු ලැබීය.
ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම සිදුවන්නේ මෙලෙසයි,
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart