
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අති සුඛෝපභෝගී Resilient Lady(ඔරොත්තු දෙන ආර්යාව) මගී නෞකාව අද(13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු විය.
බහමාස් ධජය යටතේ යාත්‍රා කරන Virgin Voyages නැව් සමාගමට අයත් මෙම මගී නෞකාව දිගින් මීටර් 277කින් යුක්තය.
මෙම නෞකාව 2022 වර්ෂයේ ඉදිකරන ලද්දකි.
සංචාරක මගීන් 2318ක් සහ 1194ක සේවක මණ්ඩලයකින් යුතු මෙම Resilient Lady මගී නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුවහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා සහ නෞකාවේ කපිතාන් Matthew Hudson මහතා අතර විශේෂ ඵලක හුවමාරුවක් ද නෞකාවේ දී සිදු කෙරුණි.
ඉන්දියාවේ ගෝවා සිට පැමිණි Resilient Lady නෞකාවේ මීළඟ නැවතුම වන්නේ තායිලන්තයේ Phuket වරාය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart