November 7, 2026

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉල්ලා අස්වීම මගින් පමණක් ප්‍රසම්පාදන අක්‍රමිකතාවලින් රජයට වූ හානිය පියවා ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මෙම තීරණාත්මක ගනුදෙනුවලට සම්බන්ධ සෙසු නිලධාරීන්ට එරෙහිව ද නීතිමය පියවර ගත යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ප්‍රශ්නගත ගල්අඟුරු ගනුදෙනුවට අදාළ චෝදනා හමුවේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයන්ග හේමපාල සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. මෙම ඉල්ලා අස්වීම් සමගම සිද්ධියට අදාළ ආයතනික වගවීම පිළිබඳ දැඩි කතිකාවතක් නිර්මාණය වී තිබේ.

අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් ඉවත් වීම මගින් පෙන්නුම් කරන්නේ මෙම අර්බුදයේ ඇති බරපතලකම බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙය හුදෙක් පරිපාලනමය වරදක් නොව මහා පරිමාණ අක්‍රමිකතාවක් බව පැහැදිලි බව ද පැවසුවේය.

නිලධාරීන් ඉල්ලා අස්වීම ස්වාධීන පරීක්ෂණයකට මග පාදන්නක් විය යුතු අතර, අක්‍රමිකතාවලට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම අත්‍යවශ්‍ය වේ.

ආයතනික වගවීම තහවුරු කිරීම මගින් අනාගතයේදී සිදුවන මෙවැනි ප්‍රසම්පාදන වංචා වැළැක්වීමට හැකිවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.