
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකු කොටුකර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අන්තර්ජාතික පොලිසියේ සහාය ඉල්ලා ඇත.
විදේශ රටවල රැඳී සිටින මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන එරටින් මෙරටට පිටුවහල් කිරීම සඳහා මොවුන් සියල්ලන්ට ම එරෙහිව රතු නිවේදන පවා නිකුත් කර ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.
මෙම ජාවාරම්කරුවන් වැඩි පිරිසක් රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බව කියයි.
පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොවුන් ගැන තොරුතුරු අනාවරණය කරගෙන ඇති අතර මොවුන් බොහොමයක් ම ඉන්දියාවට බෝට්ටු මගින් ගොස් විවිධ උපක්‍රම භාවිත කරමින් විවිධ රටවලට පැන ගොස් ඇති බව වාර්තා වේ.
මොවුන් විදේශගතව සිට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණ ද ඔවුන් රැඳී සිටින විදෙස් රටවල් ඔවුන් නවාතැන් ගෙන සිටින තැන් සම්බන්ධයෙන් සෙවීමක් නොකරන අතර සමහරක් රටවල ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු නොකරන නිසා ඔවුන් රිසි සේ එම රටවල රැඳී සිටින බව කියති.
මෙම පිරිස් දේශසීමා උල්ලංඝණය කිරීම්, එම රටවල නීති විරෝධී කටයුතුවල යෙදීමේදී අත්අඩංගුවට පත්වීම්, වීසා බලපත්‍ර නොමැතිව රැඳී සිටියදී අත්අඩංගුවට පත්වීම්, මෙන් ම විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් එම රටවලදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට පත්වීම් සිදු වුවහොත් පමණක් ඔවුන් සම්බන්ධයෙන් එරට බලධාරීන් මෙරට ආරක්ෂක අංශවලින් විමසා බලන අතර අත්අඩංගුවට පත්වූවන්ව රතු නිවේදන නිකුත් කර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන් මෙරටට භාරදීම හෝ එම රටවලින් පිටුවහල් කිරීම සිදු කෙරෙන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස විවිධ රටවල රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මෙම පිරිස් රැඳී සිටින ස්ථාන ගැන දැඩි අවධානය යොමු කොට ඔවුන් කොටුකර ගැනීමේ නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට එම කාර්යාංශය බලාපොරොත්තු වේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.(මව්බිම)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart