
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මහජන නියෝජිතයන් ආදර්ශවත්ව කටයුතු කළ යුතු බව පවසමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දී ඇති වෛද්‍ය රක්ෂණ පහසුකම තමන් ගෞරවපූර්වකව ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
මීට පෙර 2026 වසරේදීද මෙවැනිම පහසුකමක් පිරිනැමූ අවස්ථාවේදී තමන් එය ප්‍රතික්ෂේප කරමින්, එම අරමුදල් අර්ථවත් මහජන පරමාර්ථයක් උදෙසා යොමුකරන ලෙස ඉල්ලා සිටි බව ඔහු පෙන්වාදෙයි.
බොහෝ පුරවැසියන් තවදුරටත් ආර්ථික අභියෝගවලට මුහුණදෙන මෙවැනි වකවානුවක, මහජන සේවයට වරම් ලැබූවන් ජනතාව සමඟ සහයෝගයෙන් හා සංවේදීතාවයෙන් කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ තමන්ට හිමිවීමට නියමිත ප්‍රතිපාදන, අවදානම් සහිත පුද්ගලයන්, දරුවන්, වැඩිහිටියන් හෝ බරපතළ රෝගවලින් පෙළෙන අසරණ ප්රජාවන්ගේ යහපත උදෙසා නීත්‍යානුකූලව සහ පරිපාලනමය වශයෙන් හැකි අයුරින් නැවත යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
වරප්‍රසාදවලට වඩා මහජන සේවයට මුල්තැන දීම සහ රාජ්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීමේ මූලධර්මවලට අනුකූලව මෙම තීරණය ගත් බවත්, නායකත්වය යනු ආදර්ශයක් සැපයීම බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart