
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට අයත් ආයුධ තොගයක් තායිලන්තය හරහා ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජන අරගල පුරවැසි සංවිධානය මෙරට පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රාමනාදන් අර්චූනා විසින් එල්ල කරන ලද අදාළ චෝදනාව පිළිබඳ සඳහන් කරමින් එම සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමේ සඳහන් වූයේ, එම චෝදනාව මගින් ත්‍රස්තවාදී ආධාරකරුවකු ලෙස තායිලන්තයේ නමට කැළැලක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් බවයි.
ඒ අනුව ජන අරගල පුරවැසි සංවිධානයේ ප්‍රධාන ලේකම් චානක බණ්ඩාර ගුණතිලක ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙරට සාමාන්‍ය වැසියන්ට ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවුවහොත් එය ඉහත කී ආයුධවලට සම්බන්ධ කළ හැකි බවත්, ඒ සඳහා තායිලන්තයට ද දොස් එල්ල විය හැකි බවයි.
එවැනි සිදුවීමක් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට ද බලපෑ හැකි බව ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටියේ රේගු පරීක්ෂණ සිදු නොකර කන්ටේනර් 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කරන ලෙසයි.
එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ සහකාර නීති ලේකම් නීතීඥ යොහාන් ආරියවංශ ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අදාළ බහාලුම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල විනිවිදභාවය සහ වගවීම පිළිබඳව කනස්සල්ල පළකළේය.
ප්රශ්නය කෙතරම් බරපතළ වුවත් රජය ඒ පිළිබඳව කඩිනමින් කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව ද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart