
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය ‘කළු පාලම’ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත් කර ඇති අතර, එම ව්‍යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා පැවසීය.
කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණීමෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ, විවිධ හේතූන් මත මෙම පාලමේ ඉදි කිරීම් ප්‍රමාද වී තිබූ බවයි.
කෙසේවෙතත්, එහි කටයුතු කඩිනම් කර හැකි ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව ඔහු පැවසීය.
දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ දුම්රිය ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය නැංවීමට ද රජය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස දුම්රිය සේවකයන්ට අවශ්‍ය පහසුකම් ද සංවර්ධනය කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ආපදා තත්ත්වයෙන් පසුව මාස 10 කට ආසන්න කාලයක් වසා දමා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන – පේරාදෙණිය කොටස නැවතත් දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමත් සමඟ අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, දුම්රිය සාමාන්‍යාධිකාරී කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart