
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත් නේපාලය වෙනුවෙන් ඉන්දියාව සපයන මානුෂීය ආධාර වැඩසටහන යටතේ, තවත් සහනාධාර ටොන් 21.5ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් හයවන සහ සත්වන විශේෂ ගුවන් යානා දෙක කත්මණ්ඩු නුවර වෙත ළඟා වී තිබේ.
අඛණ්ඩව සිදුවන මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ මෙන්ම අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කට්ටලද මෙම නවතම සහනාධාර තොගයට ඇතුළත් වේ. C-130J වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකකින් රැගෙන ආ මෙම ආධාර තොගය නේපාලයේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය මහබීර් පුන් වෙත නිල වශයෙන් භාර දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කළේය.
නේපාලයේ රසුයි ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් අසරණ වූ ජනතාව උදෙසා ඉන්දියාව නොකඩවා ලබාදෙන සහයෝගයේ තවත් එක් පියවරක් ලෙස මෙම ආධාර තොගය යොමු කළ බව නේපාලයේ ඉන්දීය තානාපති නාවීන් ශ්‍රීවාස්තවා ප්‍රකාශ කළේය.
පසුගිය බදාදා සිදුවූ මෙම විනාශකාරී පාරිසරික ව්‍යසනයෙන් පසුව ක්‍රියාත්මක වූ ඉන්දියාව, සිය පළමු සහනාධාර තොගය ලෙස ටොන් 10ක ද්‍රව්‍ය අගෝස්තු 26 වන දින ගුවනින් යැවීමට කටයුතු කළේය. ඊට තාවකාලික කූඩාරම්, බ්ලැන්කට්, සනීපාරක්ෂක කට්ටල, සූර්ය බලශක්ති ලාම්පු සහ ඖෂධ ඇතුළත් විය.
පසුව අගෝස්තු 27 වන දින සහනාධාර ටොන් 37.5ක් සහිත දෙවන ගුවන් යානයද, ඉන් අනතුරුව ටොන් 10ක ආධාර රැගත් තෙවන ගුවන් යානයද නේපාලය වෙත ළඟා විය. අගෝස්තු 30 වන දින යැවුණු සිව්වන ගුවන් යානය මගින් සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම්, ජාන (DNA) පරික්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක්ද යැවීමට ඉන්දියාව පියවර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart