
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශීය කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාකිස්තානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකුගේ සමීප ඥාතියෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් සිව්දෙනා ලාහෝර් අධිකරණයක් මගින් දින පහක පොලිස් රැඳවුම් භාරයට පත් කිරීමට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි..
මෙහි ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති රීසා දාර්, පාකිස්තානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍යවරයා වන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ඉෂාක් දාර්ගේ සමීප ඥාතියෙකු බව අනාවරණය වී ඇත.
නියෝජ්‍ය අගමැතිවරයාගේ සමීපතමයෙකු සම්බන්ධ වී ඇති බැවින් මෙම ඉහළ පෙළේ නඩුව ඉතා සංවේදී කාරණයක් ලෙස සලකා, පොලිසිය සෑම අංශයකින්ම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
නෙදර්ලන්තයේ සහ වෙනිසියුලාවේ පදිංචි මෙම විදේශීය කාන්තාවන් දෙදෙනා පසුගිය ජුනි 29 වැනිදා ලාහෝර්හිදී පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් මෙලෙස සමූහ දූෂණයට ලක්කර තිබේ.
අගතියට පත් එක් කාන්තාවකගේ පියෙකු විසින් ස්පාඤ්ඤයේ සිට පොලිසියට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමට සමත් විය. ඒ අනුව ලාහෝර් පොලිසිය විසින් සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව නඩු පවරා, ඉන් සිව්දෙනෙකු පාකිස්තාන දණ්ඩ නීති සංග්‍රහයේ 365A (පැහැර ගැනීම) සහ 375A (සමූහ දූෂණය) වගන්ති යටතේ අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට සම්බන්ධ පස්වන සැකකරු දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් ක්‍රියාත්මක වේ.
විපතට පත් කාන්තාවන් පොලිසියට පවසා ඇත්තේ 2025 ඔක්තෝබර් මාසයේදී සිංගප්පූරුවේදී තමන්ට රීසා දාර් හමු වූ බවත්, එහිදී ඔහු තමන්ට පාකිස්තානයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත්ය. ඔවුන් තිදෙනාම ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරයක හවුල්කරුවන් බව පොලිස් නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කළේය.
මෙම සංචාරය සඳහා රීසා දාර් විසින් ඔවුන්ට ව්‍යාපාරික වීසා සූදානම් කර දී ඇති අතර, ඔවුහු ජුනි 29 වැනිදා ලාහෝර් වෙත ළඟා වූහ. ලාහෝර් වෙත පැමිණි වහාම රීසා දාර් සහ සෙසු සැකකරුවන් තමන්ව පැහැරගෙන ගොස් නිවසක රඳවා තබාගෙන සමූහ දූෂණයට ලක් කළ බවත්, පසුව ඔවුන් නිදහස් කිරීම සඳහා කප්පම් මුදල් ඉල්ලා සිටි බවත් එක් කාන්තාවක් පොලිසියට පවසා ඇත.
අධිකරණ නිලධාරියෙකුට අනුව, සැකකරුවන් සිව්දෙනා මහේස්ත්‍රාත්වරයා හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේදී කාන්තාවන් විසින් රීසා දාර් නමැත්තා මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart