
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අනුමැතිය ලබා දී ඇති විදේශීය සමාගම් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අවසන් සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
තෝරාගත් විදේශීය සමාගම් ඔවුන්ගේ මිල ප්‍රකාශ කරන තෙක් ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට බලා සිටී.
සාකච්ඡා අවසන් වූ පසු එක් එක් සමාගම්වල ඉන්ධන මිල ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
වාර්තාවට අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා පිරිවැය පිළිබිඹු කරන මිලක්(cost-reflective price) ඉදිරිපත් කිරීමට සමාගම්වලට අවසර ලබාදීමට නියමිතය. වාර්තා සඳහන් කරන්නේ, එම මිල දැනට රජය ප්‍රකාශයට පත් කර ඇති මිලට වඩා වැඩි නොවිය යුතු බව අදාළ සමාගම් වලට දැනුම්දී ඇති බවයි.
2023 අප්‍රේල් මාසයේදී රජය නිවේදනය කළේ, චීනයේ සිනොපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් ෂෙල් පීඑල්සී යන සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට ඇතුළු වීමට නියමිත බවයි.
ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා වසර 20ක වලංගු බලපත්‍රයක් ලබාදීමට නියමිත බවද වාර්තා විය.
රජය පවසන පරිදි තෝරාගත් සමාගම්වලට තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් ලබා දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart