
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්ත මහා මැතිවරණයේ ජය විපක්ෂයේ තරුණ නායක පිටා ලිම්ජොරොන්රාට්ගේ නායකත්වයෙන් යුතු මූව් ෆෝවඩ් පක්ෂයට හිමිව ඇතැයි නිල නොවන වාර්තා සඳහන් කරයි.
දැනට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව හමුදා සහාය ලබන වත්මන් පාලක පක්ෂය මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්ව සිටීම විශේෂත්වයකි.
මේ වන විට සමස්ත ඡන්දවලින් 99%ක් පමණ ගණන් කර අවසන් අතර, මෙවර මැතිවරණයේ පෙරමුණ ගනු ඇතැයි අපේක්ෂා කළ හිටපු තායිලන්ත අගමැති තක්ෂීන් ෂිනවත්ගේ දියණිය වන පේටන්ට්‍රන් ෂිනවාත්ගේ පියු තාන් පක්ෂය පසුවන්නේ දෙවැනි ස්ථානයේය.
සමස්ත ප්‍රතිඵල අනුව මූව් ෆෝවඩ් පක්ෂයට ආසන 147ක් සහ ෂිනවත්ගේ පියු තායි පක්ෂයට ආසන 138ක් හිමිවනු ඇති බවට මැතිවරණ විචාරකයෝපුරෝකතථය කර ඇත. පාලක පක්ෂයට ආසන 70ක් හිමි වෙතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart