
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇසළ පෙරහරට අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ ළඟදීම සාකච්ඡාවක් පවත්වන බව දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
ඇසළ පෙරහරට අඛණ්ඩව විදුලිය ලබාදීමේ කොන්දේසිය සපුරාලීම සඳහා, පියවිය යුතු, ඇස්තමේන්තුගත කර ඇති විදුලි බිල පිළිබඳව අදහස් දක්වමින් දියවඩන නිලමේවරයා සඳහන් කර ඇත්තේ, මෙවැනි ඇස්තමේන්තුගත බිල්පතක් ලබාදීම සෑම වර්ෂයකම ඇසළ පෙරහැරකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි.
“පසුගිය වසරවලදී ඇස්තමේන්තුගත ගාස්තුව පියවූයේ විදුලිබල මණ්ඩලයේ වියදමින්. මෙවර විදුලිබල මණ්ඩලය දන්වා තිබෙන්නේ ඔවුන්ගේ වියදම් සමඟ විදුලි බිල පියවීමට නොහැකි බවයි. ඒ නිසා බිල්පත් පියවීමට විසඳුමක් ඉදිරිපත් කිරීමට අපට සිදුවී තිබෙනවා” යැයි දියවඩන නිලමේවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඇසළ පෙරහර සඳහා අඛණ්ඩ විදුලිය සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 13.2ක මුදලක් තැන්පත් කරන ලෙස ලංවිම දළදා මාලිගාවට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් වන ලිපියක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වෙත, ජූලි 13 වැනි දින ලංවිම ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) ඒ.එච්.එම්.එච්.එස්. අබේරත්න විසින් යොමුකර ඇත.
ඓතිහාසික වාර්ෂික ඇසළ පෙරහැර අගෝස්තු 21 සිට අගෝස්තු 31 දක්වා පැවැත්වේ.
මාළිගාවේ සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, විදුලි බිලට අදාළ සාකච්ඡාව අද(17) පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා විසින් තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart