
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ 4 වැනි සාක්ෂිකරු නැවත කැඳවා සාක්ෂි සටහන් කරගැනීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිලි පාර්ශ්වයට අවසර ලබාදී තිබේ.
නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, නඩුවේ සාක්ෂිකරුවකු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් ‘මුරලි’ නමැති 4 වැනි සාක්ෂිකරුගෙන් අතිරේක සාක්ෂි ලබාගැනීම පැමිණිල්ලේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළේය.
ඊට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් විරුද්ධත්වය පළ කළද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විත්තියේ විරුද්ධතාව ප්‍රතික්ෂේප කරමින්, අදාළ සාක්ෂිකරු නැවත කැඳවීමට නීතිපතිවරයාට ඒකමතිකව අවසර ලබා දුන්නේය.
අගෝස්තු මාසයේ පැවැත්වෙන අධිකරණ නිවාඩුවෙන් අනතුරුව මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුකෙරෙන අතර, නඩුව නැවත අගෝස්තු 07 වැනිදා කැඳවීමට නියමිතය.
2010 ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ගිරිගම, හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවලදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ රහසිගතව සිරකර තැබීමේ අරමුණින් පැහැරගෙන යෑම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා විසින් ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart