
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට පෞද්ගලික රෝහල්වලට සාධාරණ හා දැරිය හැකි ගාස්තු ව්‍යුහයක් සහ සියලුම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් ඇතුළු කඩිනම් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව විගණන වාර්තාවකින් පෙන්වා දී තිබේ.
එම වාර්තාවට අනුව, සියලුම ලියාපදිංචි පෞද්ගලික රෝහල් සහ සායන සඳහා ප්රමිතීන් සැකසීම, නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්කළ යුතුය.
කාර්ය මණ්ඩල බඳවාගැනීම සඳහා අවම සුදුසුකම් සහතික කිරීම, නිසි පුහුණු ප්රමිතීන් පවත්වා ගැනීම සහ ගුණාත්මක රෝගී සත්කාර සහතික කිරීමේ අවශ්‍යතාවය ද එමගින් අවධාරණය කර ඇත.
බලධාරීන් මෙම ප්රමිතීන් නීතිගත කර බලාත්මක කළ යුතු බවත්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බඳවා ගැනීමේදී ජාතික බඳවා ගැනීමේ නිර්ණායක අනුගමනය කරන බවට වගබලා ගතයුතු බවත් විගණනය තවදුරටත් යෝජනා කරයි.
ඊට අමතරව, පෞද්ගලික රෝහල්වලට එරෙහි මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විධිමත් පද්ධතියක් පිහිටුවීමට මෙන්ම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට සහ ජනතාවට කාලෝචිත සහන ලැබෙන බව සහතික කිරීමට මාර්ගගත වේදිකාවක් ද සැකසීම ද එමගින් යෝජනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart