
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන යළි කැඳවීමේ යෝජිත පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 02 වැනි වගන්තිය 03,04,12(1) සහ 14(1) යන වගන්තිවලට පටහැනි බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලිපියක් යවමින් නීතිපතිවරයා දන්වා ඇත.
එම ජෝජනවා සම්මත කර ගැනීමට නම් පාර්ලිමෙන්තු විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවද නීතිපතිවරයා පෙන්වාදී තිබේ.
එම යෝජනාවේ සඳහන් ‘විසුරුවා හරින ලද පළාත් පාලන ආයතනය නිශ්චිත කාලයක් සඳහන් නොකරමින් නැවත කැඳවීම’ යන කොටස මැතිවරණ ප්‍රමාද කිරීම බලපානු ඇති අතර, මහජන ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයන් ලෙස තම කාල සීමාව ඉක්මවා ඇති පළාත් පාලන ආයතනවල සාමාජිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදීව වරමකින් තොරව දින නියමයක් නොමැතිව තනතුරුවල රැඳී සිටිය හැකි බවද නීතිපතිවරයා සඳහන් කර ඇත.
එම නිසා ජනතාවගේ ඡන්ද බලය මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ සහ මැතිවරණයට ඉදිරිපත්වීමේ මූලික අයිතිවාසිකම් වලටද එය බලපානු ඇති බව නීතිපතිවරයාගේ ලිපියේ දැක්වේ.
පළාත් පාලන මන්ත්‍රීවරුන් යළි පත්කිරීමට සහ විසුරුවා හරින ලද ආයතන යළි කැඳවීමට අදාළ ප්‍රාදේශීය සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ නගර සභා ආඥාපනත සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ දෙසතියකට පමණ ඉහතදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart