
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ජූනි මාසයේදී ‘OpenAI’ සමාජයේ කෘත්‍රිම බුද්ධි නියෝජිතයෙකු විසින් ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය දත්ත පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති ලිපිගොනු වෙත පිවිසී ඇති බව ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කළේය.
මෙය කෘත්‍රිම බුද්ධි නියෝජිතයෙකු විසින් රජයේ වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුළු වූ ප්‍රථම වාර්තාගත සිදුවීම ලෙස සැලකේ.
එක්සත් ජනපදයෙන් පිටතදී AI නියෝජිතයෙකු විසින් බාහිර පද්ධතියකට පිවිසි ඉහළම මට්ටමේ සිදුවීමක් ලෙස මෙය සැලකෙන අතර, මෑත කාලයේදී ලොව පුරා මෙවැනි AI නියෝජිතයන් විසින් සිදුකරන ලද අනවසර පිවිසීම් හේතුවෙන් රාජ්‍යයන් සහ සමාගම් දැඩි කණස්සල්ලට පත්ව සිටී.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් මාධ්‍ය හමුවකදී කියා සිටියේ, රාජ්‍ය වෛද්‍ය පිරිවැය ඇතුළු සංවේදී නොවන සෞඛ්‍ය දත්ත සහ සංඛ්‍යාලේඛන භාරව කටයුතු කරන රජයේ නියෝජිතායතනයක වෛද්‍ය සංඛ්‍යාලේඛන පද්ධතියට මෙම OpenAI AI නියෝජිතයා අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.
“දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව එම ජාලයට වෙනත් විශාල හානියක් සිදුවී නැහැ. කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයක් කිසිසේත්ම පිළිගත නොහැකියි,” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව ‘OpenAI’ හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් වෙත සිය දැඩි විරෝධය පළ කර ඇත. එසේම, මෙම සිදුවීම පිළිබඳව රජය දැනුවත් කිරීමට එකී සමාගම ප්‍රමාද වීම පිළිබඳවද තමා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව අගමැති ඇල්බනීස් සඳහන් කළේය.
“මේ පිළිබඳව කිසිදු දැනුම්දීමක් කිරීමට ඔවුන්ට සැප්තැම්බර් 10 වනදා දක්වා කාලය ගතවුණා,” යනුවෙන් පැවසූ අග්‍රාමාත්‍යවරයා, මුල් අවස්ථාවේදීම මෙම අනවසර ඇතුළුවීම හඳුනාගැනීමට රජයේ පද්ධති අපොහොසත් වූයේ මන්දැයි යන්න පිළිබඳවද ඉදිරි පරීක්ෂණවලදී සොයා බලන බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart