
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 18ක කීර්තිමත් කුසලානයක් සඳහා වූ බලාසිටීම අවසන් කරමින් ඊයේ රාත්‍රියේ පැවැති අවසන් මහාතරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු හයක ජයග්‍රහණයක් ලබාගනිමින් විරාත් කෝලි සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඔවුන්ගේ මංගල ශූරතාව දිනාගත්හ.
අවසාන මහාතරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
පංජාබ් නායකයාගේ තීරණයට සටන්කාමී ඉනිමකින් පිළිතුරු ලබාදීමට රෝයල් චැලෙනජර්ස් බැංගලූරු පිල මෙහිදී සමත් වූයේ සිය පන්දු වාර 20 තුළ කඩුළු 9කට ලකුණු 190 ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට සමත්වීමත් සමගිනි.
එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ ඉහළම ලකුණු ලාභියා වූ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්විය.
T20 තරග රටාව සැලකීමේ දී මෙය තරමක මන්දගාමී ඉනිමක් ලෙසින් හැඳින්විය හැකි අතර ඊට කිසිදු හයේ පහරක් ඇතුළත් නොවීමද විශේෂත්වයකි.
කෙසේවෙතත් රෝයල් චැලෙන්ජර්ස් ඉනිමේ අවසාන භාගයේ දී ජිටේෂ් ශර්මා 24 (10) හා රොමාරියෝ ෂෙපර්ඩ් 17 (9) දියත් කළ ප්‍රවේගකාරී පිතිහරඹය, රෝයල් චැලෙන්ජර්ස් පිලට ලකුණු 190ක තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරලීමට ඉහළ දායකත්වයක් ලබාදුන්නේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් පිලට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුළු 7ක් දැවී ලකුණු 184 ක් පමණි.
පංජාබ් කිංග්ස් පිල වෙනුවෙන් ශෂන්ක් සිං පන්දු 30කදී හයේ පහර හයක් ද සමඟින් ලකුණු 61 ලබා ගැනීමට සමත් වුවද එය රෝයල් චැලෙන්ජර්ස් පිලේ ලකුණු 190 ක ඉලක්කය අභිබවා යාමට තරම් ප්‍රමාණවත් නොවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart