
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2016දී 385,000ක් වූ පාසල්වලට ඇතුළත් වන නව සිසුන් සංඛ්‍යාව 2026 වන විට 251,000 දක්වා 130,000කින් අඩු වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බුද්ධි ගලනය සහ ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකිකයින් විදෙස් ගතවීම ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි.
ඒ අනුව 2025දී 290,000ක් සහ 2026දී 271,000ක් රැකියා සඳහා විදේශගත වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා මෙරට පවතින රැකියා පුරප්පාඩු සඳහා නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව සහ චීනය වැනි රටවලින් පැමිණෙන සේවකයින්ට රුපියල් 275,000 සිට 375,000 දක්වා වැටුප් ගෙවමින් විදේශ විනිමය රටින් පිටතට ලබාදෙන බව ද අනාවරණ කළේය.
ඉහළ ජීවන වියදම නිසා දරුවන් බිහි කිරීම අඩු වී ඇති බවට විශ්ලේෂකයින් සිදු කරන අනාවරණ ද සිහිපත් කළ ඔහු ශ්‍රම බලකාය නොමැති වුවහොත් විදේශ ආයෝජකයින් නොපැමිණෙන බවත්, යෝජිත 2027 අයවැයෙන් මෙම ගැටළුවලට විසඳුම් ලබා දී නොමැති බවත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart